සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා හදිසි පියවර ගැනීම වෙනුවෙන් පකිස්තානය දැඩි උත්සයහක නිරත වී සිටින බව වාර්තා වේ.

ඉන්දියාව සමඟ වෙළඳ සබඳතා අත්හිටුවීමෙන් පසු ප්‍රමාණවත් ඖෂධ තොග නොලැබීම හමුවේ පාකිස්තානයේ ඖෂධ හිගය වඩාත් නරක අතට හැරී තිබේ.

ඉන්දියාව පාකිස්තානයේ අත්‍යවශ්‍ය ඖෂධවල වැදගත් ප්‍රභවයකි.

පකිස්ථානයට අවශ්‍ය සක්‍රීය ඖෂධීය අමුද්‍රව්‍ය (API) සහ විවිධ උසස් චිකිත්සක නිෂ්පාදන ඇතුළු අමුද්‍රව්‍යවලින් සියයට 30-40ක් ඉන්දියාව සතු වේ.

තවද, පිළිකා මර්දන ප්‍රතිකාර, ජීව විද්‍යාත්මක නිෂ්පාදන, එන්නත් සහ සේරා ඇතුළු තීරණාත්මක ඖෂධ, විශේෂයෙන්ම ජලභීතිකා මර්දන එන්නත් සහ සර්ප විෂ ද්වීපාර්ශ්වික වෙළෙඳ සබඳතා බිඳ වැටීමට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලදී.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වී ත්‍රස්ත ප්‍රහාරයට පෙර සිටම සහ පසුව වෙළඳ කටයුතු අත්හිටුවීමට පෙර පවා, පාකිස්තානය ඖෂධ හිඟයට මුහුණ පාමින් සිටි අතර රෝගීන් ජීවිතාරක්ෂක ඖෂධ ලබා ගැනීමේ අර්බුධයකට මුහුණ පා තිබිණි.

චිකිත්සක නිෂ්පාදන සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයීමට අවසර දී ඇතත්, පාකිස්තානයේ ඖෂධ අංශයට දැඩි ලෙස පහර වැදී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවෙන් ඖෂධ සැපයීමේ කෙටි බාධාවක් පවා රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ අවදානමට හේතු විය හැකි බවට පාකිස්තානයේ නිෂ්පාදකයින් කිහිප දෙනෙකු අනතුරු අඟවා තිබුණි.