ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA), මෙම අප්‍රේල් මාසයේදී ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායම් දෙකක් සහ පුද්ගලයින් හය දෙනෙකුට චෝදනා එල්ල කර තිබේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇත.

පහල්ගම් සංචාරක නගරයේ සිදු වූ සමූල ඝාතනය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය යුද්ධයක අද්දරට ගෙන ආවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන ලද පාකිස්තානය පදනම් කරගත් ලෂ්කර්-ඊ-තායිබා (LeT) සහ ප්‍රතිරෝධක පෙරමුණ (TRF) ප්‍රහාරය "සැලසුම් කිරීම, පහසුකම් සැලසීම සහ ක්‍රියාත්මක කිරීම" සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

පාකිස්තාන රජය තවමත් චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.

ප්‍රහාරය පිටුපස තමන් සිටින බව ප්‍රතිරෝධක පෙරමුණ මුලින් පවසා තිබුණද පසුව එහි සම්බන්ධය ප්‍රතික්ෂේප කළේය.

ජම්මු හි විශේෂ අධිකරණයක සඳුදා ගොනු කරන ලද පිටු 1,597 කින් යුත් චෝදනා පත්‍රයේ සටන්කාමී කණ්ඩායම් සහ තවත් හය දෙනෙකු නම් කර ඇති අතර, ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ආරක්ෂක හමුදා විසින් ඔවුන්ගෙන් තිදෙනෙකු ඝාතනය කරන ලදී.

ඉන්දියාව චෝදනා කර ඇත්තේ පකිස්තානය යනු ත්‍රස්තවාදය හසුරුවන්නෙකු බවයි.

චූදිතයින්ට ඉන්දියාවේ අපරාධ නීති සංග්‍රහයේ සහ එහි දැඩි ත්‍රස්ත විරෝධී නීතියේ අදාළ වගන්ති යටතේ චෝදනා එල්ල කර ඇත. ඉන්දියාවට එරෙහිව යුද්ධ කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව ජාතික විමර්ශන ඒජන්සිය නිවේදනය කර තිබේ.