ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට කඩුලු 06කින් ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
රාවල්පිණ්ඩිහිදී පැවති එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමටපන්දුවාර 45යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 211ක් පමණයි.
සධීර සමරවික්‍රම ලකුණු 48කට දැවී ගියා.
නායක කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 34ක් පමණයි.
පවන් රත්නායක ලකුණු 32ක් සහ කමිල් මිශාර ලකුණු 29ක් රැස් කළා.
කෙසේවෙතත් පැතුම් නිස්සංකට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 10කට දැවී ගියා.
මහීෂ් තීක්‍ෂණ සහ ප්‍රමෝද් මධුෂාන් ලකුණු 07 බැගින් ලබා සිටියදී දවා ගැනීමට පකිස්ථාන ක්‍රීඩකයින් සමත් වුණා.
පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 03ක් බිඳ හෙළුවා.
හරිස් රවුෆ් සහ ෆයිසාල් අක්‍රම් කඩුලු දෙක බැගින් දවා ගද්දී ෂහීන් ෂා අෆ්රිඩි හා ෆහීම් අෂ්රෆ් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ජයග්‍රාහී ලකුණු 212ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සත්කාරක පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කර ගනිමින් තරඟය ජය ගත්තා.
එහිදී නොදැවී පන්දුවට පහර දුන් මොහොමඩ් රිස්වාන් ලකුණු 61ක් සහ හුසේන් ටලට් ලකුණු 42ක් රැස්කළා.
ෆකාර් සමාන් ලකුණු 55කට දැවී ගියා. බාබර් අසාම් ලකුණු 34යි.
පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 03ක් සහ මහීෂ් තීක්‍ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළුවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය 3ට බින්දුවක් ලෙස ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
දෙරට අතර පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ වීරයා සම්මානය හරිස් රවුෆ් දිනා ගත් අතර තරඟාවලියේ වීරයා සම්මානය මොහොමඩ් වසීම්ට හිමි වුණා.
මෙම තරඟ පරාජයත් සමග ශ්‍රී ලංකාව පකිස්ථානය හමුවේ පූර්ණ එක්දින තරඟාවලි පරාජයක් අඛණ්ඩව ලැබූ තුන්වන අවස්ථාවද මෙය වනවා.




