Published
සෙසු රජයේ ආයතන සමග සැසඳීමේදී සුරාබදු නිලධාරීන්ට හිමිවන්නේ අඩු වැටුපක් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් බී එන් ඒ පේමරත්න මහතා පවසනවා.
කෙසේවෙතත් සමාන අයිතිවාසිකම් හිමිවන පිරිසක් නිර්මාණය කිරීම සිය උත්සහය බවයි ඔහු පැවසුවේ.
කොළඹ පැවති සමස්ත ලංකා සුරාබදු සේවා සංගමයේ 20 වන වාර්ෂික සමුළුව එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් මෙම අදහස් පළ කළා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් එම අවස්ථාවට එක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය යූ ඩී නිශාන්ත ජයවීර මහතා කරුණු දැක්වුවා.




