ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස්දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වනවා. ඒ අනුව ත්‍රස්ත මර්දන පනත යටතේ සැකකරුවන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බවයි වාර්තා වන්නේ. ඉන්දුනීසියාවේ ජකර්තා හීදි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා. ඉතිරි දෙදෙනා රඳවා සිටින්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේයි. කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර තැඹිලි ළහිරු සහ බැකෝ සමන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවනවා.