Published
සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පතට සහ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව ප්‍රකාරවයි. මෙම පනත් කෙටුම්පත් දෙක ඉකුත්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනුණා. ඒ අනුව 2025 අංක 15 දරණ සමෘද්ධි සංශෝධන පනත සහ 2025 අංක 16 දරණ රබර් පාලන පනත මේ වන විට බලාත්මක බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.