Published
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ එක් පන්දු වාරයක් තුළ කඩුලු 05ක් බිඳ හෙළමින් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකු සමත් වී තිබෙනවා.
ඔහු 28 හැවිරිදි ඉන්දුනීසියානු වේග පන්දු යවන ක්‍රීඩක ග්‍රේඩ් පියන්දනායි.
ඔහු මෙම නව ලෝක වාර්තාව බිහි කළේ කාම්බෝජියානු කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස තරඟයකදීයි.
එහිදී ඔහු තරඟයේ 15 වන පන්දුවාරයේදී කාම්බෝජියා කණ්ඩායමේ කඩුලු 05ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්.
එය දැක්වුණේ ලොව එතෙක් මෙතෙක් කාන්තා හෝ පිරිමි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකදී එක් පන්දු වාරයක් තුළ කඩුලු 05ක් බිඳ හෙළු පළමු අවස්ථාව ලෙසයි.




