රජය විසින් නිසියාකාරව පරාටේ නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය පවසනවා.

එහි සභාපති චම්ලි කුමාරසිරි පෙරේරා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් රජය හැකි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවයි.

රජය, බැංකු පද්ධතිය සමග සාකච්ඡා කර යම් සංශෝධන සිදු කර ව්‍යවසායකයින් මුහුණ පා සිටින අර්බුදය විසඳිය යුතු බවයි චම්ලි කුමාරසිරි පෙරේරා පැවසුවේ.

මේ අතර, ව්‍යාපාරිකයින් රැසකගේ දේපළ මේ වන විටත් පරාටේ නීතිය හරහා බැංකු විසින් අත්පත් කරගෙන ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසනවා.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළා.