පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස් වනවා.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන අද දිනයේදී සම්මත කර ගැනීමට නියමිතයි.
මේ අතර අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය කල්තැබීමේ විවාදයක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එම විවාදයට එක් වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේ ආපදා හේතුවෙන් හානියට පත් වූ මෙරට මහාමාර්ග පද්ධතිය පැවති තත්ත්වයට වඩා හොද මට්ටමින් ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් බිලියන 190ක පමණ මුදලක් වැය වනු ඇති බවයි.
ආපදා හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානිය සම්බන්ධයෙන්ද ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.
මේ අතර ආපදා හේතුවෙන් අඩාල වී ඇති දුම්රිය මාර්ග කිහිපයක තවත් කොටසක් ලබන ජනවාරි පළමු වනදා වනවිට යළි දුම්රිය ධාවනයට එක් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සදහන් කළා.




