පලස්තීනය නිල වශයෙන් රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් නිවේදනයක් නිකුත කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව , කැනඩාව සහ පෘතුගාලය ද පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම නිවේදනය කළ අතර, ඉදිරියේදී ප්‍රංශය ද මේ බව නිවේදනය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පලස්තීනුවන්ට සහ ඊශ්‍රායල ජාතිකයින්ට සාමයේ බලාපොරොත්තුව සහ ද්වි-රාජ්‍ය විසඳුමක් නැවත ඇති කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. කෙසේවෙතත් ඊශ්‍රායල අගමැතිවරයා පැවසුවේ මෙය බ්‍රිතාන්‍ය , ඕස්ට්‍රේලියාව , කැනඩාව සහ පෘතුගාලය විසින් ත්රස්තවාදයට ලබාදුන් ත්‍යාගයක් බවයි. ඒ අනුව පලස්තීනය රාජ්‍යයක් නොවන අතර ජෝර්දාන් ගඟට බටහිරින් කිසිදු පලස්තීන රාජ්‍යයක් නොමැති බවද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. එමෙන්ම බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස පුළුල් කිරීමේ සැලසුම තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කලේ. ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් පවසන්නේ ඊශ්‍රායලයේ අනාගතය බ්‍රිතාන්‍යයේ හෝ ප්‍රංශයේ තීරණයක් නොවනු ඇති බවයි.
Published