ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා.

ඒ, පස මිතුරන් වන ඉන්දීය සහ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතරයි.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට ඩුබායි හීදී ආරම්භ වීමට නියමිතයි.

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දු - පකිස්තාන් කණ්ඩායම් තරඟ වැදුණා.

එහදී තමන් මුහුණ දුන් තරඟ තුනම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පකිස්තාන කණ්ඩායමට ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ දෙකක් ජය ගනු ලැබුවා.

ඉන් අනතුරුව එම කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් හතර වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් සමග තරඟ වැදුනා.

අපරාජිත ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය තවදුරටත් රැක ගත්තේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පැවති තරඟ තුනම ජය ගනිමින්.

එහිදී ද පාකිස්තානයට ජය ගත්තේ තරඟ තුනෙන් තරඟ දෙකක් පමණයි.

ඒ අනුව සුපිරි කණ්ඩායම් හතර වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දු - පකිස්තාන් කණ්ඩායම් සමත් වුණා.