පසුගිය අප්‍රේල් 22 වනදා ජම්බුකාශ්මීර් දේශ සීමාවේ පහල්ගම් ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයේ මහ මොළකරු වන ලෂ්කාර් සංවිධානයේ අණ දෙන නිලධාරියෙකු වූ සුලෙයිමාන් ශා නැමැත්තා ඇතුළු පකිස්ථාන ත්‍රස්තවාදින් තිදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මගින් ඝාතනය කර තිබෙනවා.

ඒ, ශ්‍රී නගර්හි අද දිනයේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

ඉන්දීය හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති එම මෙහෙයුම නම් කර ඇත්තේ “ඔපරේෂන් මහාදේව්” ලෙසයි.