අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් වෙළඳසැලකට ගලක් පෙරලි තිබෙනවා.

එම වෙළඳසල තුල සිටි කිහිප දෙනෙකු ඊට යටවී ඇති බවයි වාර්තා වන්නේ.

සිරවී සිටි තුන්දෙනෙකු බේරා ගත් බවයි ආපදා කළමනාකරණ මද්‍යස්ථානය සඳහන් කර සිටියේ.

තවත් යටවූ පිරිස් ඇත්දැයි සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ආපදා කළමනාකරණ මද්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.