පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට ආණ්ඩුව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙහිදී ප්‍රශ්න කළා.
එහිදී ඔහු කියා සිටියේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙම විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවසර තිබුණද මෙරට සිටින සිසුන්ට ඒ සඳහා අවස්ථාව අහිමි වී ඇති බවයි.
ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ පවතින ගැටලු විසඳා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා මෙහිදී ප්‍රශ්න කළා.
ගත වූ වසර 05ක කාලය තුළ කිසිදු විශ්වවිද්‍යාලයක් විසින් නවක වදයට එරෙහි පනත යටතේ කිසිදු නඩු පැවරීමක් සිදුකර නොමැති බවයි ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවක වදය තුරන් කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්රවෘත්ති ප්රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.