සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 249ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 248ක් රැස් කළා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වේස් හුසේන් එමොන් පන්දු 69කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67ක්.
ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා. ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51යි.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 34 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ අනුව අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 04ක් සහ වනිඳු හසරංග ලකුණු 60කට කඩුලු 03ක් දවා ගත්තා.
දුශ්මන්ත චමීර සහ චරිත් අසලංක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ජයග්‍රාහී ලකුණු 249ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් පන්දුවාරයක් අවසානයේ කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 02ක්.