සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පළමුව ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 12ක් රැස් කරගෙන සිටියා.

ආරම්භක පිතිකරු අනමුල් හක් ලකුණු නොලබා දැවී ගියේ හසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

මෙම තරඟය ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරඟයද වනවා.

ඒ හේතුවෙන් මැතිව්ස්ට උපහාර දැක්වීමේ උත්සවයක්ද තරඟය ආරම්භයට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.