Published
                
                 
                
            2026 වසරට අදාළ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
කෙසේවෙතත් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වූ අදාළ චක්‍රලේඛය මැයි 31 වනදාට පෙර මීට පෙර වසරවලදී නිකුත් කර ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ.
වත්මන් රජයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.
කෙසේවෙතත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ ඊට අදාළව පවතින චක්‍රලේඛවල අඩුපාඩු පැවතීම හේතුවෙන් බවයි.




