Published
පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයන් 223 දෙනෙකු දේශපාලන පක්ෂ විසින් මෙතෙක් නම් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා දේශපාලන පක්ෂව ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිසමට කඩිනමින් එවීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර මැතිවරණයට ඉදිරිපත් වූ සභිකයන් 2,433 දෙනෙකු ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිසම වෙත ලබා දී නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවා.
ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.