දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.