පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරණි ක්‍රමයට ද එසේ නැතහොත් නව ක්‍රමයක් යටතේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

කුමන ක්‍රමයකට හෝ නිසි පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නෛතික පසුබිම කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවා.