Published
ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක් එක් කිරීමට එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබෙනවා.
ඒ, පසුගිය මාසයේ එම කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි ආභරණ කිහිපයක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලාගොස් තිබූ පසුබිමක් තුළයි.
ඒ අනුව මිනිත්තු 04ක පමණ කාලයකදී එම කෞතුකාගාරයෙන් අදාල ආභරණ සොරකම් කර පලාගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම කොල්ලය සිදුවී ඇත්තේ කෞතුකාගාරයේ ආරක්ෂක පද්ධතියේ පැවති දෝෂ හේතුවෙන් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව ආරක්ෂිත කැමරා 100ක් කෞතුකාගාරයට එක් කිරිමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාල ආරක්ෂිත කැමරා ලබන වසර අවසන් වීමට පෙර සවි කරන බවට එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




