ප්‍රංශයේ ලෝක ප්‍රසිද්ධ ලුවර් කෞතුකාගාරයෙන් සොරාගත් පෞරාණික භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 103ක් පමණ වන බව ප්‍රංශ බලධාරින් අවධාරණය කර තිබෙනවා. යුරෝ මුදලින් එම පෞරාණික භාණ්ඩවල වටිනාකම යුරෝ මිලයන 88ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.ලොව වඩාත් ජනප්‍රියම සහ විශාලතම කෞතුකාගාරය ලෙස සැලකෙන ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තිබූ රාජකීය ආභරණ 08ක් කොල්ලකරුවන් 04 දෙනෙකු විසින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ඉරිදා දිනයේදීයි. වාහනයක සවිකර ඇති යාන්ත්‍රික ඉනිමඟක් ආධාරයෙන් සේන් ගඟට ඉහළින් පිහිටි බැල්කනියක් හරහා එම කෞතුකාගාරයට ඇතුල් වී විනාඩි 04ක් ඇතුලත එම රාජකීය ආභරණ කොල්ලකා ස්කූටර්වලින් එම කොල්ලකරුවන් පලාගොස් තිබුණා. මෙම සිද්ධියෙන් පසු ලුවර් කෞතුකාගාරය වසා දැමුණු අතර එය නැවත විවෘත කෙරුණේ අද දිනයේදීයි.
ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන මොනාලිසා සිතුවම ඇතුලු ලොව වටිනාම පෞරාණික භාණ්ඩ රැසක් තැම්පත් කර ඇත්තේ ද ලුවර් කෞතුකාගාරයේයි.
Published




