ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට අදාලව එලෙස ඔහුට සිරදඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් අක්‍රීය දූෂණය සහ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් පැරිස් අපරාධ අධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස 70 හැවිරිදි නිකොලස් සාකෝසි කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.