ලෝකයේම අවධානය දිනා ගනිමින් විධාරණය වූ යුරෝපයේ විශාලතම ගිනි කන්ද වන ඉතාලියේ එට්නා ගිනි කන්ද ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් තවදුරටත් අවධානමක් මතුවිය හැකි යැයි සැකයෙන් එට්නා කන්ද නැරඹීමට පැමිණෙන සංචාරකයින් නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉතාලි බලධාරීන් පැවසුවේ සඳුදා සිදු වූ දැවැන්ත පිපිරීම හේතුවෙන් ඉහළ උෂ්ණත්වයකින් යුත් වායු දුමාරයක්, අළු සහ පාෂාණ කිලෝමීටර කිහිපයක් උස අහසට විසිරී ගිය බවයි.
ගිනි කන්ද පුපුරා යන විට ද එහි පුද්ගලයින් 40 දෙනෙකු සිටි බව බලධාරින් පවසනවා.
ඉතාලියේ පිහිටි මෙම ගිනි කන්ද ලෝකයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්.
වසරකට එය නැරඹීමට පැමිණෙන පිරිස මිලියන 1යි දශම 5කට අධිකයි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි මුදුනට යන තෙක්ම කන්ද තරණය කිරීම විශේෂත්වයක්.
එට්නා කන්ද ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වුවද, 2014 සිට මෙහි විශාල පිපිරීමක් සිදුව නැහැ.