Published
ප්‍රජා පොලිස් කමිටු පත් කිරීමේදී කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු වීමට ඉඩකඩ නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේ කල් තබන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව කියා සිටියා. පැවති ප්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයින්ට නව කමිටු පත් කිරීමේදී කැඳවීමක් කර නොමැති බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට ප්‍රතිචාර දක්වූයේ මෙලෙසයි.