Published
මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ගව සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ප්‍රදේශ කිහිපයක ගව සොරකම් 13ක තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ සැකකරුවන් පස්දෙනා මාරවිල, යටකලාන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 23 වනදායි.
සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිදු කෙරුණු විමර්ශනවලදී මාරවිල, මාදම්පේ, කොස්වත්ත, කඳානේගෙදර, වැලිපැන්නගහමුල්ල යන ප්‍රදේශවල සිදු කරන ලද ගව සොරකම් 13ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් විසින් ගවයින් ප්‍රවාහනයට යොදාගත් වෑන් රථ තුනක්, ත්‍රිරෝද රථයක් සහ සොරකම් කරන ලද ගවයින් 06 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.