බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අදාළ නිවේදනය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර ඊට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.