Published
ප්ලාස්ටික් භාවිතය දැන් අපට අත්හැරීමට නොහැකි පුරුද්දක් බවට පත්වෙලා අවසන්. පහසුව, පිරිවැය අවම වීම ආදී විවිධ හේතූන් මත අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් සමස්ත පරිසරයට මෙන්ම මිනිස් සිරුරටත් දැන් තර්ජනයක්.
1950 දී පමණ භාවිතය ආරම්භ වූ ප්ලාස්ටික් ටොන් බිලියන 10ක් පමණ පෘථිවියට එකතු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ක්ෂුදූ්‍ර ප්ලාස්ටික් කොටස් මිනිස් සිරුරෙන් ද සොයාගෙන තිබෙනවා. ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවම කළ යුතු වන්නේ මෙවැනි බරපතල ගැටලු මිනිසා හමුවේ පැවතීම හේතුවෙන්. මේ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර අවයව තුළින් සොයාගැනීම ශරීරයට කුමන බලපෑමක් එල්ල කරයිද යන්න තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ. මේ, පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම්, පරිසර ප්‍රතිපත්ති හා සැලසුම් පද්මා අබේකෝන්. වසරකදී මෙරට තුළ ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් දෙලක්ෂ හැට නව දහසක් තරම් යැයි කිව්වොත් විශ්වාස කළ හැකිද? ලෝකයටම තර්ජනයක් වෙමින් පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව යම් මට්ටමකින් හෝ විසඳා ගැනීමට සෑම පුරවැසියෙකුටම වගකීමක් පැවරෙනවා.