තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමග පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස් කිරීමට සමත් වුනා

තරඟාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරඟය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත්.