ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 41කින් පරාජය කරමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 146ක් රැස්කළා. ෆකාර් සමාන් පන්දු 36කදී ලකුණු 50යි. ෂහීන් ශා අෆ්රිඩි පන්දු 14කදී නොදැවී ලකුණු 29ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමිර් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 04කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 105ක් පමණයි. රාහුල් චොප්‍රා ලකුණු 35ක් රැස්කළා. පන්දු යැවීමේදී ෂහීන් ශා අෆ්රිඩි, හාරිස් රාහුෆ් සහ අබ්රර් අහමඩ් කඩුලු 02 බැගින් දවා ගත්තා. ඒ අනුව මෙම තරඟය ජයගත් පාකිස්තාන කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි හතර දෙනාගේ වටයට තේරී පත් වුණා. ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි හතර දෙනාගේ වටයට තේරී පත්වූ අනෙක් කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. මේ අතර මෙම තරඟාවලියේ ‘බී’ කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි. මෙම තරඟයේ තීරණය මත ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශය යන කණ්ඩායම් අතරින් සුපිරි හතර දෙනා අතරට යන කණ්ඩායම් දෙක තීරණය වීමට නියමිතයි.
Published