පාකිස්ථාන කණ්ඩායම සමග අදින් ආරම්භ වන එක්දින ක්‍රිකට් තරඟාවලිය අභියෝගාත්මක තරඟාවලියක් වනු ඇති බවත් ඊට සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.
රාවල්පිණ්ඩිහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ පාකිස්ථානය හොඳ ප්‍රතිවාදී කණ්ඩායමක් බවයි.
එවැනි කණ්ඩායමක් සමග තරඟකාරී තරඟාවලියක් තුළින් සිය කණ්ඩායමට ඉදිරියට යා හැකි බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
පාකිස්ථාන වේග පන්දු බලඇණිය ඉතා ඉහළ තත්ත්වයක සිටින බවත් ශහින් ෂා හෆ්රිඩි, හැරිස් රාවුෆ්, නසීම් ෂා වැනි වේග පන්දු යවන්නන් මෙන්ම දඟ පන්දු යවන අෆ්රාඩ් අහමඩ් ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල අභියෝගයක් වනු ඇති බවද චරිත් අසලංක මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පැවැත්වෙන්නේ පකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදීයි.
එම තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.
ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 04 වන ස්ථානයේ රැඳී සිටින අතර පකිස්ථාන කණ්ඩායමට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.
දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 157ක් පවත්වා ඇති අතර පකිස්ථානය එහි තරඟ 93ක් ජය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරඟ ගණන 59ක්.




