පාතාල කල්ලි සාමාජික කමාන්ඩෝ සලින්ත නමැත්තාගේ ඉල්ලීම මත පාතාලයට ටී-56 ජීව උණ්ඩ තොගයක් මුදලට අලෙවි කළ යුද හමුදා, මල්ලාවි 01 කඳවුරේ අණ දෙන නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින්.
එම අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත ප්රශ්න කරන තිළිණ සම්පත් හපුආරච්චි නොහොත් ‘වලස් කටා’ යන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව එම අණ දෙන නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල අණ දෙන නිලධාරීවරයා එම ජීව උණ්ඩ අවස්ථා දෙකකදී ලබාදුන් බවට අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.
කමාන්ඩෝ සලින්ත නමැත්තාගේ ඉල්ලීම මත සැකකාර අණදෙන නිලධාරීවරයා ඔහුට අයත් නිල කැබ් රථයෙන් ගම්පහ ප්රදේශයේදී තමන් වෙත එක් අවස්ථාවක ජීව උන්ඩ තොගයක් ලබා දුන් බවත් ඉතිරි තොගය සලින්තගේ උපදෙස් මත තවත් අයෙකුට ලබාදී තිබූ බව වලස් කටාගෙ ප්රකාශයකින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්රධාන පොලිස් පරිසක ලින්ටන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අණ දෙන නිලධාරීවරයාව බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්රශ්න කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහිදී එම අණ දෙන නිලධාරියා ප්රකාශ කර ඇත්තේ තමන් ජීව උණ්ඩ 260කට අධික ප්රමාණයක් සිය ජීප් රථෙයන් රැගෙන විත් සලින්ත නැමැත්තා නම් කරන ලද පුද්ගලයන් දෙදෙනෙකුට ලබා දුන් බවයි.
ඒ වෙනුවෙන් කමාන්ඩෝ සලින්ත නමැත්තා තමන්ගේ බැංකු ගිණුමට අවස්ථා පහකදී රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් බැර කළ බවද අණ දෙන නිලධාරියාගෙන් දිගින් දිගට සිදුකළ ප්රශ්න කිරීමේදී අනාවරණ වී තිබෙනවා.
සැකකාර අණදෙන නිලධාරියාගෙන් තවදුරටත් ප්රශ්න කරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.


