මෙරට හොඳම දෙපාර්තමේන්තු අතරට පොලිස් දෙපාර්තමේන්තුව ද ඇතුළත් විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කරමින් වසර දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව ඒ අතරට පත්කරන බවයි මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් බී ඩබ්ලිව් ආර් බී සෙනෙවිරත්න මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ද පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් සමග සම්බන්ධ වීම හේතුවෙන් ඒවා පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි.

මේ වසරේ ගතවූ මාස 06ක කාලය තුළ පමණක් පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනමට ලක් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශයට පත් වුණේ.