රට තුළ ඇතැම් ස්ථානවල තැන තැන වෙඩිතැබීම් සිදු වන්නේ අපරාධ කල්ලි අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මත ගැටුම් හේතුවෙන් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඌව පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළා.

අපරාධකරුවන් සහ දේශපාලකයින් අතර ඇති සම්බන්ධතාද පසුගිය කාලයේදී හඳුනාගෙන තිබෙන බවත් මේ වන විටත් ඇතැම් දේශපාලකයින් නම ගිය අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රැකවරණය දෙන බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා. එම අවස්ථාවට එක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ ගතවූ මාස 06 තුළ පොලිස් නිලධාරීන් 300කට වැඩි ප්‍රමාණයක් විවිධ වැරදි සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කර ඇති බවයි.