පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා රජය දැඩි පියවර ගනිමින් ඇතැයි අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා නව නීති ගෙන ඒමේ කටයුතු ද සිදු වෙමින් ඇති බවයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු අනීතික ලෙස නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

කොළඹ පැවති පාගමනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.