Published
මෙරට තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වන විට සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රෙස්නි කසීම් මහතා පෙන්වා දෙන්නේ එම රෝගීන්ගේ පාදවල ඇතිවන සුළු තුවාලයකින් පවා පාද අහිමි වීමේ තත්වයක් ද සිදුවිය හැකි බවයි.
එමෙන්ම දියවැඩියා තුවාල පිළිකාවකට සමාන බවද ඔහු කියා සිටියා.
නවතම දත්තවලට අනුව රට තුළ සිටින දියවැඩියා රෝගීන් සංඛ්‍යාව මිලියන දෙකකට අධිකයි.



