පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අද පස්වරුවේ පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටත්ව ගොස් ඇති එම සිසුවියන් තිදෙනා අදාළ පන්තියට සහභාගී වී නොමැති බවයි පසුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ. එම දැරියන් තිදෙනා අද පස්වරු 04ත් 04: 30ත් අතර කාලය තුළ වාද්දුව ප්‍රදේශයේ සැරිසරා ඇති බවද අනාවරණ වී තිබෙනවා. එම දැරියන් පිළිබඳ තොරතුරක් වේ නම් වාද්දුව හෝ පානදුර පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙසයි ඔවුන්ගේ මව්පියන් ඉල්ලා සිටින්නේ. එම දැරියන් තිදෙනාගෙන් එක් අයෙකුගේ ජයරුපයක් මෙහි පහතින් දැක්වෙනවා මෙම දැරියන් තිදෙනා පිළිබඳ තොරතුරක් වේ නම් පහත දුරකථන අංක වෙත දැනීම් දියහැකි. එම දුරකථන අංක 0714393610 / 0771046382