මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ගත වූ වසර 10 තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 30,000ක් මියගොස් ඇති බවයි.

නුසුදුසු රථවාහන මාර්ගයට ඇතුළු කිරීම සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙලෙස මාර්ග අනතුරු සිදුවන බවයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ.