Published
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ඉල්ලීම පරිදි ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව කැදවන ලද විශේෂ පාර්ලිමේන්තු රැස්වීම මේ වනවිට පැවැත්වෙනවා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වුණේ පෙරවරු 09යි 30ටයි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් එහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව එම පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබද තවත් තොරතුරු දහවල් 12 නෙත් නිවුස් දවස මැද වාර්තාකරණයෙන් බලාපොරොත්තු වන්න.




