සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු වේලාවකට පෙර තීරණය කළා.

ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මධ්‍යයේ ඝෝෂා කරමින් විරෝධතාවක නිරතවීම හේතුවෙන්.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂක ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමට අදාලව ඇති වූ වාද විවාද හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගත්තා.