පාර්ලිමේන්තුවේ පරිසර කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව අද දේශගුණික අවධානම් සභාව (CVF) සහ අවදානම් කරුවන්ගේ 20 කණ්ඩායම සමග විශේෂ කමිටු රැස්වීමක් පාර්ලිමේන්තුවේදි පැවැත්වුණා. දේශගුණික අවදානම් සභාව (Climate Vulnerable Forum) මාලදිවයිනේ හිටපු ජනාධිපති මෝහෝමඩ් නෂීඩ් මැතිතුමා 2009 වසරේ ආරම්භ කල අතර වර්ථමානයෙ එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරනවා. රටවල් 74ක් සාමාජිකත්වය දරන මෙම සභාව දේශගුණික අවදානම් වල ගිලීසිටින රටවල් සදහා සහයෝගිතා වේදිකාවක් ලෙස ක්‍රියාකරයි. ඝානාවේ අක්‍රා නගරයේ මෙම සභාවේ ලේකම් කාර්යාලය ස්ථාපිත කොට ඇත. බාර්බේඩෝස් රාජ්‍ය විසින් වර්ථමානයේ මෙහෙයවනු ලබන අවදානම්කරුවන්ගේ විස්සක කණ්ඩායම (Vulnerable Twenty 20) 2015 ඔක්තෝම්බර් මාසයේ CVF මුදල් ඇමතිවරුන් සදහා විශේෂ වේදිකාවක් ලෙස ආරම්භ කරන ලද්දකි. එමගින් දේශගුණික වෙනස්වීම් වලට ආර්ථික සහ මුල්‍යමය ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අවදානය ලක්කිරිම සිදුකරනවා. මෙම ජාත්‍යන්තර සංවිධාන දෙකෙහිම ප්‍රමුඛ පෙලේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිසර කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව පැවැත් වු ඒකාබද්ධ කමිටුව ශ්‍රී ලංකාවේ සිදුවන දේශගුණික කාලගුණික අභියෝග වලට මුහුණදීම සදහා අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමට ගත් වැදගත් උත්සහයක් ලෙස හැදින්විය හැක. අද පැවති කමිටුවෙදි ශ්‍රී ලංකාවේ දේශගුණික සමෘද්ධි සදහා වූ සැලසුමේ මුලික වාර්තාව එලිදැක්වුනු අතර එය වැඩි දියුණු කිරීම සදහා ගතයුතු ඉදිරි පියවර සහ සහය පිලිබදව CVF සහ V20 කණ්ඩායමේ අවදානය යොමුවිය. කමිටු ආරම්භයේදි අදහස් දැක්වූ අංශික අධීක්ෂණ කාරකසභාවේ සභාපති ගරු හෙක්ටර් අප්පුහාමි මැතිතුමා සදහන් කලේ මෙම මොහොත පාර්ලිමේන්තු ආංශික කාරක සභා පිලිබදව සුවිශේෂී අවස්ථාවක් වන බවයි. විශේෂයෙන්ම අපගේ අංශික අධීක්ෂණ කාරක සභාවේ ක්‍රියාවලිය විදිමත් ප්‍රමිතින් ඔස්සේ හසුරුවාලිමට මෙම ආයතන වලින් ලබාගත හැකි මගපෙන්වීම් සහ සහයෝගයන් පාර්ලිමේන්තුවට දේශගුණය පිලිබදව ඉදිරිපත් කරන අනපනත් වලදී ඒ පිලිබද නිර්දේශ ඉදිරිපත් කිරීමේදි මාර්ගෝපදේශ ලෙස සලකා ක්‍රියාකරන බවත් පැවැසීය. දේශගුණික අවදානම් සභාවේ මහලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මෝහෝමඩ් නෂීඩ් මැතිතුමා සදහන් කලේ රටවල් 74ක සහ මිලියන 1740ක් ජනතාවක් නියෝජනය කරන මෙම සභාව ප්‍රධාන වශයෙන් අප්‍රිකාව, ආසියාව, කැරිබියානු කලාපය, ලතින් ඇමරිකාව, මැදපෙරදිග සහ පැසිෆික් කලාප වල කටයුතු කරන බවයි. ගෝලීය කාබන් විමෝචනය මුහුදු මට්ටමේ වැඩිවීම ආදී දේශගුණික අභියෝග වලට මුහුණ දී ඇති රටවල් සදහා අවදානමට පෙර එයට මුහුණ දීමේ උපාය උපක්‍රම සදහා මගපෙන්වීම ඒ සදහා තාක්ෂණික සහ මුල්‍ය සහය ලබාදීම තමාගේ ප්‍රධාන අරමුණ බවයි. මෙහිදි අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සදහන් කලේ ශ්‍රී ලංකාව මේ වනවිට අත්සන් තබා ඇති තිරසර දේශගුණික සමෘද්ධි සදහා වූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නිතිමය රාමු සකසා නොමැතිනම් පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව තුලින් එ සදහා වූ නෛතික බලගැන්වීම් අපරාණුමත කිරීම සදහා වූ පියවර ගැනීමට කටයුතු කලයුතු බවයි. මෙම අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරු රැසක් සහභාගි වූ අතර එම මන්ත්‍රිවරුන් විසින් ක්‍රියාකාරිත්වයට CVF සහ V20 කණ්ඩයමේ සම්බන්ධීකරණයෙන් සිදුකල හැකි වැඩසටහන් පිලිබද සාධනීය යෝජනා රැසක් ඉදිරිපත් කරන ලදී. එකී යෝජනාද සැලකිල්ලට ගනිමින් සභාව ජාත්‍යන්තර සංවිධාන සමග ක්‍රියාකාරි වැඩපිලිවෙලකට ප්‍රවිෂ්ට වන බව සභාපති වරයා ප්‍රකාශ කලා.