අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් කළ ඉල්ලීමක් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් එය ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව එදින පෙරවරු 09.30ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම්දී තිබෙනවා.