Published
කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබෙනවා .
ඒ අද (29) පෙරවරුවේ ප්රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදීයි.
ඉකුත් සැප්තැම්බර් (22)දා පැවති විරෝධතාවක් අතරතුර, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට බලහත්කාරයෙන් තම වාහනය නවතා පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා .
එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා




