Published
පාසල් පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන ස්ථාන පැවතුනහොත් පාසලේ ප්‍රධානියා ලෙස විදුහල්පතිවරයා වගකිව යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ මේ දක්වා සිදු කළ පරික්ෂාවන්වලදී මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර පාසල් තුළින් ද හමු වූ බවයි.
පාසල්වලට අමතරව නිවාස, කාර්යාල, ගෙවතු, ආගමික ස්ථාන ඇතුලු අවදානම් ප්‍රදේශවල පිහිටි සෑම ස්ථානයක්ම දැඩි පරික්ෂාවකට ලක් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර සොයා සිදු කරන විශේෂ මදුරු මර්දන සතියේ තුන්වන දිනය අදයි.
ඉකුත් සඳුදා සිට ආරම්භ වූ මෙම මදුරු මර්දන වැඩසටහන ලබන පස්වනදා තෙක් ක්‍රියාත්මකයි.
ගත වූ දින දෙක තුළ පමණක් පරිශ්‍ර 48,354ක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
ඉන් පරිශ්‍ර 10,591ක මදුරු කීටයින්ට හිතකර තත්ත්වයන් පැවති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.