2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ලබන 28 වනදා දක්වා භාර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අයදුම්කරුවන් 4 74,147 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා. මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලැබූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී උසස් අධ්‍යාපනය සඳහා දක්ෂතාවලින් හෙබි දරුවන් යොමු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමෙි සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.