Published
විවිධ අපරාධ චෝදනා එල්ල වී තිබියදීත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා”ට සමගි ජන බලවේගයෙන් පසුගිය වර පැවති පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබාදුන්නේ කෙසේද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන්ම ප්‍රශ්න කළා.
මේ, සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා.
විවිධ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් නිර්වචන සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි ඔහු කියා සිටියේ.
සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.
නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.




