පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගුරු සංගමයක් වන ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුලු අධ්‍යාපන බලධාරින් සමග එම සංගමයේ නියෝජිතයින් අදාල කරුණ සම්බන්ධයෙන් අද සාකච්ඡාවක ද නිරත වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.