පාසල් පැවැත්වෙන කාලසීමාවේදී උදෑසන 06: 30 සිට 07: 45 දක්වා සහ උදෑසන 11: 30 සිට පස්වරු 02: 30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම හෙට සිට අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ කුලියාපිටිය, පල්ලේවෙල පාලම අසල පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරෙන් පසුව පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.