ගමනාගමන පද්ධතියේ බිඳ වැටිම්, සන්නිවේදන අපහසුතා, විදුලිය බිඳ වැටීම් වැනි ආපදා සිදුව ඇති ප්‍රදේශවල පාසල් යළි ආරම්භ කිරීම කල් යන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

කෙසේවෙතත් අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසල් ලබන දෙසැම්බර් 16 වන දින ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බවයි අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වන දින ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.