පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා සී සී ටී වී කැමරා අනිවාර්ය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථාවේ 08 වන දිනය වූ අද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අද දිනයේ විවාදයට ගැණුනේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතායි.
ඉන් අනතුරුව විවාදයට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.
පාසල් සිසුන් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන වාහන සඳහා හඳුන්වාදීමට නියමිත මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී කරුණු දැක්වූයේ මෙලෙසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාද අද විවාදයට එක්වුණා.




